අපි නොදන්න Floating Market
දැන් කොළඹ නගරය සුරපුරක් වී අවසන්ය. හමුදා සොල්දාදුවන් විසින් ගොඩ නගන ලද floating market එක අලුත්ම ආශ්චර්යයි. බේරේ ඇල හරස් කොට ඉදිකර ඇති floating market හී වෙළෙද සැල් වල වර්ථමාන
හිමිකරුවන් ගෙන් බහුතරයක් යනු පෙර පදික වෙළෙදාම් කළ අයම වුදව අතීතයේ
නරක,වංචාකාරී,කලුකඩ මුදලාලිලා යැයි හංවඩු ගැසූ මේ පිරිස දැන් ශාන්තූවරයන්
බදුය. ඉස්සර හොරාට මිදි කිරණ,ගමේ ගොඩේ මිනිසුන්ට වංචා කරන කොළඹ කාක්කන්
දැන් හොද මිනිසුන් බවට පත්ව ඇත. (එහෙම හිතමු)
ඇත්තටම floating market යනු කුමක්ද ? කොහෙන් කඩාපාත්වුවාද ?
තායිලන්තයේ floating market සංකල්පය යනු එරට ග්‍රාමීය ප්‍රෙද්ශ වල සිටින
ගොවීන්ට ඔවුන් ගේ එළවලු සහ පළතුරු පළදාව නගරයට ගෙන ගොස් විකුණා ගන්නට හැකි
වන පිරිදි එරට සංස්කෘතිය සහ ජන ජීවිතය සමග බද්ධව ඇති වූ සංකල්පයකි. එරට
විශාල ඇල මාර්ග ඔස්සේ නගරයේ නිශ්චිත floating market එකකට ඔරුවලින් නිශ්චිත
දිනෙක පැමිණෙන වෙළෙදන්දන් ඒකරාශී වී වෙළෙදාම් කර යළි ඔරු වලින්ම ගම්බිම්
බලා පිටව යයි. එය එරට ප්‍රධාන වෙළෙදාම් ක්‍රමයක් වන්නේ ජන ජීවිතය ඒ මගින්
වඩාත් පහසු කරවනව බැවිනි.
නමුත් ලංකාවේ දී floating market යනු ලංකාවේ කවුරු හෝ පුද්ගලයෙකු පිටරට ගිය
විට “ෂා මේක නම් මාර concept එකක්” යැයි කල්පනා කර කිසිදු හොයා
බැලිල්ලකින් තොරව කරනු ලැබු ව්‍යාපෘතියකි.
ඇතැන්ස් කොළම
Sunday, October 5, 2014
Enjoy the
moments...
ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්‍රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments).......
අර ඉස්සර අපේ ගුරැවරැ අපට කියනවා හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න කියලා. එතනින් එලියට ගියාම රස්සාව.. . ඊට පස්සේ බඳින්නවා .. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්.. පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...

Saturday, September 28, 2013
ලොව අමතක කළ ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා
නිකොලා ටෙස්ලා යන නාමය මට මුලින්ම හමු වූයේ “ද ප්‍රෙස්ටීජ්” (The Prestige (2006))
චිත්‍රපටයේ එක්තරා චරිතයක් ලෙසයි. එම චරිතය සැබෑ පුද්ගලයකු මත පදනම් වූවක්
බව මා කිසි විටෙකත් සිතුවේ නැත. නමුත් පසු ගිය දිනක මා නෙත
ගැටුන ලිපියක් නිසා නිකොලා ටෙස්ලා යනු අප කිසි ලෙසකින්වත් අමතක නොකළ යුතු
ශ්‍රේෂ්ඨ පුද්ගලයකුයැයි මට සිතුනා. සරලව කියතොත් අද අප නිවසට විදුලි බලය
ලැබී ඇත්තේ මෙම අපූරු විද්‍යාඥයා නිසා. මෙම ලිපිය පදනම් වන්නේ ඔහු ගැන මා
අන්තර්ජාලයෙන් සොයා ගත් වැදගත් මෙන්ම සිත් ගන්නා තොරතුරු කිහිපයක් මතය.
ඔහු ඉපදුනේ ක්රොඒශියාවේ සර්බියානු යුවළකට දාව, 1856 දී. අවු. 4 ක පාසල් වාරයක් අවු. 3 කින් අවසන් කරන ටෙස්ලා, විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රියාවේ, ග්‍රේස් වෙත යනවා. ඒත් උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ඔහු, 1878 දී විශ්ව විද්‍යාලයත් තමන්ගේ පවුල සමග තිබූ සම්බන්ධතා ත් අත් හරිනවා. හේතුවනම් පැහැදිළි නැහැ. 1880 දී ඔහු බුඩාපෙස්ට් වෙත යන්නේ ටෙලිග්‍රාප් ආයතනයක සේවය සඳහා. එහිදී ඔහු නිපදවන ටෙලිෆෝන් ඇම්ප්ලිෆයරය, ලොව ප්‍රථම ශබ්ද විකාශන යන්ත්‍රය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්ඩක්ෂන් මෝටරය ගැන අදහස ඔහුගේ හිතට එන්නෙත් මේ කාලයේදී. අද අපේ නවීන ලෝකයේ පාවිච්චි වෙන බොහොමයක් උපකරණ වල භාවිතා වෙන මෝටරය තමයි ඒ.
1882 දී ටෙස්ලා පැරිස් වෙත යන්නේ. කොන්ටිනෙන්ටල් එඩිසන් ආයතනයේ සේවය සඳහා. ඔහු මුල් වරට ඇමරිකාවට පා තබන්නේ 1884 දී. ඔහුගේ මුල් ව්‍යවසායකයා(චාර්ල්ස් බැචලර්) ගෙන් ලැබුණු රෙකමදාරු ලියුමත් රැගෙන ටෙස්ලා යන්නේ "තෝමස් අල්වා එඩිසන්" මුණ ගැහෙන්න. චාර්ල්ස් බැචලර් දීපු මේ රෙකමදාරු ලියුමේ තිබුනේ මෙච්චරයි...
"I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter"
( "මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය" )
ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් හිටියේ ඉතාමත් ඉහළ තැනක. හැබැයි තමන්ගේ උත්සාහයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට තමන් යටතේ වැඩ කරන අයගේ නිමැවුම් වලට පේටන්ට් බලපත්‍ර ගෙන ඒවා අලෙවි කිරීමෙන් තමයි ඔහු නමක් හදාගෙන තිබුනේ. ඔහු වඩා දක්ෂ උනේ අනුන් කරන නිපැයුම් මාකට් කරන්න. විශ්වාස නැද්ද? බලන්නකෝ ඔහු ටෙස්ලා ට කරන දේ...
එඩිසන්ගේ ආයතනයේ තිබුණු විදුලි ජනක යන්ත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ටෙස්ලාට බාර වෙන්නේ එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුව මත. තමන්ට නියම වුනු කාර්යය ඉතාමත් හොඳින් නිම කරන ටෙස්ලා, එඩිසන් ගෙන් ඩොලර් පනස්දාහ ඉල්ලා හිටියම ඔහුට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.
"ටෙස්ලා...ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ"
මෙවෙලේ එඩිසන්ගේ ආයතනයෙන් ඉල්ලා අස් වෙන ටෙස්ලා, නිව් යෝක් නගරයේ කම්කරු කටයුතු වල නිරත වෙනවා. ඒක ඔහුට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් උනා. මඩ වලක හිටියත් මැණිකේ අගය අඩු වෙන්නේ නැහැ කියන්න වගේ ටෙස්ලාගේ නිසඟ කුසලතා යටපත් කරන්න දෛවය ට හැකි උනේ නැහැ.
මේ කාලේ වෙද්දී විදුලිය සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ සරල ධාරා (Direct current) යොදා ගෙන. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ සන්නායකය (කම්බිය) හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීම. කම්බියේ ප්‍රතිරෝධය නිසා විශාල වශයෙන් බල ශක්තිය හානි වීමක් මේ ක්‍රමයේදී වෙනවා. ඒ වගේමයි ඒකට යොදා ගන්න කම්බිත් විශ්කම්භයෙන් ඉතාම වැඩියි(ඇයි ඉතින් පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනනේ) . ඒ නිසා මේකේ තිබුණ ලොකුම අවාසිය තමයි වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණ කරන්න අපහසු වීම. සැතපුමෙන් සැතපුමට සම්ප්‍රේෂණ කුළුණු සවි කරන්න උනා වගේම හැම තැනකම ඝන කමින් ඉතා වැඩි අති විශාල කම්බි ප්‍රමාණයක් අදින්නත් සිද්ධ උනා. කොටින්ම කියනවනම් නගරයේ එක තැනක අහසත් නොපෙනෙන තරමට කම්බි ඇදලා තිබුණලු. එහෙම කරලත් විදුලිය ලබා දෙන්න පුළුවන් උනේ ඉතාමත් සීමිත ප්‍රදේශයකට.
"ප්‍රත්‍යාවර්ථ ධාරා" එහෙම නැත්නම් "Alternating current" කියන සංකල්පය ටෙස්ලා ට පහළ වෙන්නේ මේ වයර් ගොඩවල් දැක්කට පස්සේ. මේ ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිද්ධ වෙන්නේ නැති නිසා කම්බිය දිගේ බල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සරල ධාරා ක්‍රමයට වඩා සැතපුම් සිය ගානක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන උනේ ඉතාමත් සීමිත සම්ප්‍රේෂණ කුළුණු ගානක්. ඒ වගේම ඉතාමත් සිහින් කම්බි මේ සඳහා යොදා ගන්න පුළුවන් උනා. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම වගේම ලාබදායී ක්‍රමයක්. මේ සංකල්පයේ වැදගත් කම තේරුම් ගත්ත "ජෝජ් වෙස්ටින්ග්හවුස්" කියන ධනවතා ඩොලර් 60000 කට එහි පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිල දී ගෙන ප්‍රත්‍යාවර්ථ විදුලි පද්ධති ස්ථාපිත කිරීම අරඹනවා.
ඉතින්, අද මුළු ලෝකයම ඒකාලෝක වෙලා තියෙන්නේ, ඕනෑම අහුමුල්ලකට ඉතාමත් පහසුවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ටෙස්ලා නිසා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?
දැන් එතකොට තෝමස් එඩිසන් ඉන්නවා නේද? එයා සම්පුර්ණයෙන් අනුග්‍රහය දක්වමින් හිටියේ සරල ධාරා ක්‍රමයට. ඔහු විදුලි බල්බයටත් පේටන්ට් අරගෙන තිබුනේ (එයත් ඔහුට අයිති නිර්මාණයක් නෙමෙයිලු. වෙන කෙනෙකුගේ නිර්මාණයක් වැඩි දියුණු කිරීමක් පමණයි). ටෙස්ලා අස් වෙලා ගිය දවසේ ඉඳන් එඩිසන් ඔහුගේ විරුද්ධ කාරයා. ඔහුට මේක අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට උපායක් කල්පනා කරන එඩිසන් අන්තිමට මෙහෙම දෙයක් කරනවා. බල්ලෝ පූසෝ වගේ සත්තු අල්ලාගෙන ඇවිත් උන්ට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් වදින්න සලස්වලා එයින් උන් මැරෙන බව පෙන්නපු එඩිසන් කිව්වේ මෙය ඉතාමත් අනතුරුදායක දෙයක් නිසා භාවිතය නැවැත්විය යුතු බවයි. ඒත් ඉතින් අදටත් අපේ ගෙවල්වලට විදුලිය ගේන්නේ ඔය ප්‍රත්‍යාවර්ථ ධාරාව, ටෙස්ලාට පින් සිද්ද වෙන්න. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා.
කොහොම හරි මේ සිද්ධි වෙන අතරේ "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ ප්‍රදර්ශන සහ සංදර්ශන පැවැත්වීමට (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) සූදානම් වන අතරේදී එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. දැන් මෙතන තව ප්‍රශ්නයක් වෙනවා. අර ටෙන්ඩර් එක ගන්න එඩිසන් මහත්මයත් ලන්සු තිව්වට ඔහුට ඒක ලැබුනේ නෑ. ඉතින් ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා...
දැන් ඉතින් බල්බ් නැතුව මොන ආලෝකකරණද? ඒත් ටෙස්ලා නෙමෙයි ඒවායින් සැලුනේ. ඔහු ඒ සඳහා වෙනස්ම ආකාරයේ බල්බයක් ඔහු විසින්ම නිපදවනවා (පසු කලක ඔහු නිපදවන ගෑස් බල්බයේ සංකල්පය තමයි අද සී එෆ් එල් බල්බ වල භාවිතා වන්නේත්). අදාළ දවසේ දහස් ගණන් බල්බ දල්වමින් ආලෝකකරණ කටයුත්ත අති සාර්ථක ලෙස නිම කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට එවන් දෙයක් විදුලියෙන් ආලෝකකරණය කළ අවස්ථාව. ඉන් පස්සේ තමයි ටෙස්ලා ගේ නම ලොව පුරාම ප්‍රසිද්ධ වෙන්නේ.
ටෙස්ලා ගේ අති සාර්ථකත්වය දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා කළ හැකි ලඟම නගරය උනේ "බෆලෝ නගරය". එයට ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි
1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.
අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා.
නොබෙල් ත්‍යාග ලාභී "ගුග්ලිමෝ මාර්කෝනි" රේඩියෝව සොයා ගත් බව හැමෝම අහල ඇති. ඒත් ඒ සොයා ගැනීමට යොදාගත් අනෙක් සියලු නිමවුම්, ටෙස්ලාගේ බව දන්නේ නැහැ නේද? ඒත් ටෙස්ලා කිව්වේ මෙපමණයි.
"Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"
රේඩියෝව නිපදවීමට මාර්කෝනි විසින් ටෙස්ලාගේ පේටන්ට් 17 ක් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙක රේඩියෝව සොයා ගැනීමේ ගෞරවය නැවත ටෙස්ලා වෙත පවරනවා.
ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ)
මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.
ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.
ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව. ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.
ඉන් එකක් තමයි භුමි කම්පා යන්ත්‍රය. ඕනෑම වස්තුවකට අනන්‍ය අනුනාද සංඛ්‍යාතයක් ඇති බවත් ඒ සංඛ්යාතයම වෙනත් ප්‍රභවයකින් ඇති කලොත් ඒ වස්තුව කඩා බිඳ විනාශ කළ හැකි බවත් දන්නවා ඇති නේ. ඒ තමයි අනුනාදය කියන සංසිද්ධිය (ලතා මන්ගේශ්කාර්ගේ කටහඬ ට පුළුවන්ලු වයින් වීදුරුවක් අනුනාද කරලා බිඳින්න). ඉතින් ටෙස්ලා කලේ වස්තුවක අනුනාද සංඛ්‍යාතය නිර්ණය කරලා එයට සමාන සංඛ්‍යාතයක් ඇති ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් උපකරණයක් හදන එක. ඉතා විශාල ගොඩනැගිලි, පාලම් පවා මේ පුංචි උපකරණය යොදා ගෙන විනාශ කරන්න හැකියාව තියනවා.
ඒ විදියේ තවත් පරීක්ෂණයක් තමයි "Death rays". ඉතාමත් ඈතදී මිසයිලයක් පවා විනාශ කිරීමේ හැකියාව මේ කිරණ වලට තියනවලු.
දැනට මේ ලිපි ගොණු ටෙස්ලා කෞතුකාගාරයේ තිබුනත් කොපමණ ලිපි ප්‍රමාණයක් සැඟවිලා ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.
ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්. . අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීම. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ.
ලෝකයක් තැනූ ටෙස්ලා, ලෝකය විසින් අමතක කරන ලදුව...
"Our virtues and our failings are inseparable...like force and matter...When they separate, man is no more..." - Nikola Tesla

Monday, September 23, 2013
Mahathma Gandhi......
In my view,
One of the chief things to note
in Gandhi's life is that he was not born great.
He was not born with things that usually help
people to become great.
He was born an ordinary man
with ordinary capabilities.
and he literally hammered
himself into shape.
He was a man
who believed in making things
as simple as possible......

මගෙ දුවේ නුබ අවදියෙන්‍නම් .......
(මෙය 2001 වසරේ මගේ දින නැති දින පොතේ තැබු සටහනක්)
රත්න ශ්‍රී විජේසිංහ කියන ගීත රචකයාට වඩා මම කැමති රත්න ශ්‍රී විජේසිංහ කවියාටයි. හේතුව රත්න ශ්‍රී ගේ කවි ඔහුගේ ගීත වලට වඩා මා සිත තදින් ඇදීයාමයි. එහෙත් මෑතකදී ඇසුන රත්න ශ්‍රී ලියු දිවුල්ගනේ ගයන මගෙ දුවේ නුබ අවදියෙන්‍නම් ගීතය මගේ ඒ සිතුවිල්ල වෙනස් කලා.
මෙම ගිතය අසන සැම විටම මගේ සිත මගේ දියණිය ලග..
එය අසා රසවිද විතරක් මදි. එහි අරුතද හොදින් වටහා ගතයුතුයි මගේ දුවේ..........
මගෙ දුවේ නුබ අවදියෙන්‍නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුබටමයි .....
සේපාලිකා මල් බිමට බැහලා ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොලව කෙතරම් සුන්දරද මගෙ දු තනියම සිනාසෙයි
මගෙ දුවේ නුබ අවදියෙන්‍නම්........
ඝණ කරුවළට අපි පෙම් කලොත් ඉර හද තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරෙයි

Sunday, September 22, 2013
කාගෙන් ද හිත හයිය අරගත්තෙ හැරයන්න......
රෑ තිස්සෙ නිදිවරන නෙත කඳුළු සැලුවා
බෑ ඉන්න තනියෙන් ම හිත ඔබව සෙවුවා
හිතුවාට දුර යන්න මගෙ හීන බිඳලා
සැනසෙන්න පුළුවන් ද මගෙ කඳුළු දැකලා
පෑ සිනාවන් මැවෙන්නේ
කී කතා තව ඇසෙන්නේ
වේදනා ගිනි නිවෙන්නේ නැතුවා
දැනුනේ නැති ද ඔය හිතට
මට දැනෙන මේ තනිය
ගියෙ ඇයි ද මගෙ හීන බිඳලා
පාවෙන්න දුර අහසෙ මා එක්ක යමු කීව
අමතක ද මා නැතුව ඔබ පියඹලා
කාගෙන් ද හිත හයිය අරගත්තෙ හැරයන්න
වෙන්වෙන්න පුළුවන් ද මා හැර දමා
මට ආදරේට පාර කීව ජීවිතේ ම මාගෙ කීව
ඔබ ඇයි ද අද වෙන්වෙලා
දඟ පෑව දෑස මාගෙ ගාව නෑනෙ පේන මානයේ ම
ඇයි දෙන්නෙ මට වේදනා
මේ දුන්නු දුක් ගින්න නිමවෙන්නෙ කවදා ද
ඔබ එන්නෙ නැතුවා ද හිත උණුවෙලා
පායන්න නෙතු ගාව මේ ගීය ඇසුනා ම
මං ඉන්නවා තාම එනකන් බලා
බෑ ඉන්න තනියෙන් ම හිත ඔබව සෙවුවා
හිතුවාට දුර යන්න මගෙ හීන බිඳලා
සැනසෙන්න පුළුවන් ද මගෙ කඳුළු දැකලා
පෑ සිනාවන් මැවෙන්නේ
කී කතා තව ඇසෙන්නේ
වේදනා ගිනි නිවෙන්නේ නැතුවා
දැනුනේ නැති ද ඔය හිතට
මට දැනෙන මේ තනිය
ගියෙ ඇයි ද මගෙ හීන බිඳලා
පාවෙන්න දුර අහසෙ මා එක්ක යමු කීව
අමතක ද මා නැතුව ඔබ පියඹලා
කාගෙන් ද හිත හයිය අරගත්තෙ හැරයන්න
වෙන්වෙන්න පුළුවන් ද මා හැර දමා
මට ආදරේට පාර කීව ජීවිතේ ම මාගෙ කීව
ඔබ ඇයි ද අද වෙන්වෙලා
දඟ පෑව දෑස මාගෙ ගාව නෑනෙ පේන මානයේ ම
ඇයි දෙන්නෙ මට වේදනා
මේ දුන්නු දුක් ගින්න නිමවෙන්නෙ කවදා ද
ඔබ එන්නෙ නැතුවා ද හිත උණුවෙලා
පායන්න නෙතු ගාව මේ ගීය ඇසුනා ම
මං ඉන්නවා තාම එනකන් බලා
Saturday, March 23, 2013
සයිප්‍රස් බැංකු අර්බුදය....
පසුගිය අගහරැවාදා මා වැඩට යනවිට ඇලෙක්සැන්ඩ්‍රා පාරේ ඇති සයිප්‍රස් බැංකු මුලස්ථානය අසල විශාල කලබගෑනියක් දුටිමි. මිනිසුන් විශාල පිරිසක් මුදල් ලබා ගැනීමට ට්‍රෙලර් යන්ත්‍රය අසල පෙල ගැසි සිටි අතර තවත් විශාල ප්‍රමාණයක් බැංකුවට ඇතුල්වීමට උත්සාහදරමින් සිටියහ. රෑපවාහිණි නාලිකා සියල්ලම පාහේ කැමරා බැංකුව දෙසට යොමුකර ඒ අසල රැදී සිටියහ.
වැඩ නිමවී සවස නිවසට පැමිණ මා අන්තර්ජාලය මගින් උදයේ දුටු සිද්ධියේ කරැණු සොයනා විට දැනගත් දේ පහත සටහන් කරමි. ( කරැණු සපයාගත්තේ reuters, europa.eu/news වෙබ් අඩවි ඇසුරෙනි.)
යූරෝපාකලාපය තුළ මීළඟට ආර්ථික වශයෙන් වැනසී යාමට සිටින රට බවට සයිප්‍රසය
පත්වෙමින් තිබෙන බව මෙම සඳුදා දින ප්‍රකාශයට පත් වූ වාර්තාවක සඳහන්ව ඇත..
ග්‍රීසීයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඒහි ඝෘජු බලපෑමක් ලෙස සයිප්‍රසය ද මෙසේ බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බව සඳහන් වේ.
යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරුන් ණය බරින් ඉන්නා
අසල්වැසි ග්‍රිසියෙන් සයිප්‍රසයට ඇති බලපෑම නිසා යුරෝ බිලියන 10 ක සහනාධාර
ලබා දෙනු පිණිස ගෙනා එක් යෝජනාවක් වූයේ ඔවුන්ගේ බැංකු වල ඇති තැන්පතු වලින්
9.9% ක් අහිමිකරණයට (forfeit) සයිප්‍රසය කැමති කරවා ගැනීමයි.
ඉරිදා උදෑසන තීරණය ප්‍රසිද්ධ වීමත් සමඟ පුදුමයට පත් වූ සයිප්‍රස්
වැසියන් පැය ගණනක් තුල දී සල්ලි මුදල් තම බැංකු ගිණුම් වලින් එළියට ගෙන
බැංකු චකිතයක් ඇති කරන්නට සමත් වූහ. ඉලෙක්ට්‍රොනික් සල්ලි යැවීම වහාම නතර
කරන ලදි.
සයිප්‍රස් වැසියන් ගේ තැන්පතු වලින් යම් ප්‍රතිශතයක් ගැනීමෙන් යුරෝ බිලියන 6 ක් සෙවීම සයිප්‍රස් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුත්තකි. සයිප්‍රස් පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ මිසක මහා පක්ෂයකට බලයක් නැත. මෙය නොකළ හොත් නිකොස් ඇනස්ටාසියාඩේස් ජනාධිපතිවරයා කියන්නේ සයිප්‍රසයේ විශාලතම බැංකු දෙක කඩා වැටෙන බවයි.
සයිප්‍රසයේ දී බැංකු ණය නොගෙවීමක් සිද්ධ වුවහොත් එයින් යුරෝ කලාපීය තුල ආයෝජක විශ්වාසයන් පළුදු වී ගොස් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් යුරෝ කලාපය තුල යුරෝව ස්ථාවර ව තබා ගන්නට ගන්නා සියළු උත්සාහයන්ට ද බලවත් පහරක් එල්ල වනු ඇත.
මෙතෙක් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් කිසි විටෙක බැංකු තැන්පතු වලට අත ගැසීමක් නොකළහ. මෙයින් මේ වෑයම කලාපයේ වෙනත් රටවල් වලට ද පැතිර යන්නේ නැතැයි කියන යුරෝ නිලධාරීන්ගේ ප්‍රකාශය කිසිවෙක් පිළිගන්නා බවක් දැනට පෙනෙන්නට නැත.
එසේම, මෙයට ඉඩක් ලැබුනහොත් යුරෝ කලාපයෙන් පූර්වාදර්ශයක් ගනිමින් අනෙකුත් බංකොළොත් රටවල් වලට පැතිර යාමේ අවදානමක් ද නැතැයි කීමටද බැරිය.
සති තුනකට පමණ පෙර බලයට පත් වූ ජනාධිපති ඇනස්ටාසියාඩේස් කියා සිටින්නේ එක්කෝ මහා විනශාකාරී අවුලකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නැත්නම් මේක නිසි කළමනාකරණයකින් බේරා ගත හැකියි කියාය.
සයිප්‍රස් බැංකු යුරෝපය පුරා සහ රැසියානු රටවලද ඇති වල තැන්පතු ඇත්තේ සයිප්‍රස් මුදල් පමණක් නොවේ. රුසියානුවන් මහත් පිරිසක් ද, සෙසු යුරෝපීයයන් ද සයිප්‍රස් බැංකු වල මුදල් තැන්පතු කර ඇත්තහ.
ඉතාලිය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා දෙවරක් බේරාගත් ග්‍රිසිය යුරෝ කලාපයේ දැඩි මූල්‍ය ගැටළු ඇති කරමින් සිටින අතර විසඳුම් කිසිවකට කැමති ජනතාවක් වාසය නොකරන රටවල් වෙති. ආණ්ඩුවේ සහනාධාර භුක්ති විඳින ඔවුන් ඒවා අඩුවෙනවාට අකමැතිය. එහෙත් සහනාධාර ලැබෙන මාර්ග සියල්ලම දැන් හිඳී ඇතැයි ඔවුන් පිළිගන්නට ද අකමැතිය. ආණ්ඩු සහ බැංකු කුමන ගිවිසුමකට එළඹුනත්, අවසානයේ අහිමි වන්නේ තමන්ගේ තැන්පතු බව යුරෝ කලාපීය පුරවැසියන් තවමත් මුහුණ දෙන්නට අකමැති තිත්ත ඇත්තයි.

Subscribe to:
Posts (Atom)