(මෙය මාගේ දින නැති දින පොතේ 2001 වසරේ ලියු සටහනක්)
යකඩ අශ්වයා පිට නැග
කම්හල දොර අභියස බලා සිටින
සිහින කුමරුගෙ උරමත
රදවාගෙන නුබ හිස
ඉගිලෙන්නට සිහින මවන කුමාරියෙ.......
බලාගෙනයි !
මැෂිමෙ දැති රෝදෙට
තැලී යාවි නුඔ අත් දෙක
එහෙම උනොත් කුමරියේ
විසිවෙන්නෙ නුඔ හෙට
කම්හලෙන් වගේම
සිහින සාප්පුවෙන් එලියට.......
නිමිත්ත - කොට්ටාව "රුහුණු වෙයාර්" ඇගලුම් කම්හල ඉදිරිපස දුටු දසුනක්
No comments:
Post a Comment